G06U03C01

පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම - බහුවරණ ප්‍රශ්න (සරල මට්ටම)

6 ශ්‍රේණිය - පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

නැණ ලොවට කිරුල -හසිත ජයරත්න

6-11 ගණිතය

ඉතිරි කාලය:
10:00
1 ප්‍රශ්නය: සපත්තු නිෂ්පාදන ආයතනයක ජනවාරි මාසයේ දී සපත්තු 1395 ක් ද, පෙබරවාරි මාසයේ දී සපත්තු 1426ක් ද මාර්තු මාසයේ දී සපත්තු 1737ක් ද නිෂ්පාදනය කරන ලදි. මේ අනුව, මාස තුනේ දී නිෂ්පාදනය කරන ලද මුළු සපත්තු සංඛ්‍යාව කොපමණ ද?
2 ප්‍රශ්නය: ව්‍යාපාරිකයකු වන නිමල් පළමුවන දිනයේ දී රු 810ක් ද, දෙවැනි දිනයේ දී රු 985ක් ද තුන්වැනි දිනයේ දී රු 1130ක් ද වශයෙන් ආදායම් ලැබී ය. නිමල් මෙම දින තුනේ දී ම ලැබූ මුළු ආදායම කොපමණද?
3 ප්‍රශ්නය: කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක සඳුදා දිනයක කිරි බෝතල් 974ක් ද, අඟහරුවාදා සඳුදාට වඩා කිරි බෝතල් 103ක් ද එකතු කළේ නම්, සඳුදා හා අඟහරුවාදා දින දෙකේ දී එකතු වූ මුළු කිරි බෝතල් ප්‍රමාණය කොපමණ ද?
4 ප්‍රශ්නය: කර්මාන්ත ශාලාවක 2013 වර්ෂයේ දී, මෝටර් රථ 1450ක් ද 2014 වර්ෂයේ දී 2325ක් ද නිපදවනු ලැබී ය. 2013 වර්ෂයට වඩා 2014 වර්ෂයේ දී කොපමණ මෝටර් රථ ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත් ද?
5 ප්‍රශ්නය: හේෂාන් තම පියාගෙන් රු 325ක් ද මවගෙන් රු 430ක් ද ලබා ගත්තේය. එම මුදල්වලින් රු 149කට සෙරෙප්පු කුට්ටමක් ද, රු 225කට පොතක් ද මිල දී ගත් විට, ඔහු ළඟ ඇති ඉතිරි මුදල කොපමණද?
6 ප්‍රශ්නය: 64 × 21 හි අගය සොයන්න.
7 ප්‍රශ්නය: ශාලාවක එක් පේළියක පුටු 57 බැගින් පේළි 35ක් ඇත. ශාලාවේ ඇති මුළු පුටු සංඛ්‍යාව කොපමණ ද?
8 ප්‍රශ්නය: පාසල් සිසුවකුට අභ්‍යාස පොත් 8ක් අවශ්‍ය ය. අභ්‍යාස පොතක මිල රු 48කි. පන්තියේ සිටින සිසුන් ගණන 35කි. සිසුන් 35 දෙනාටම අවශ්‍ය අභ්‍යාස පොත් ප්‍රමාණය මිල දී ගැනීමට අවශ්‍ය මුළු මුදල කොපමණ ද?
9 ප්‍රශ්නය: 16 දෙනෙකුට අදාළ වන වෑන් රථයකට අය කරන ගාස්තුව රු 10,800කි. එම ගාස්තුව පහළොස් දෙනකු අතර සමානව බෙදා ගන්නේ නම්, එක් අයකුට ගෙවිය යුතු මුදල කීයද?
10 ප්‍රශ්නය: මිනිසකුට පොල් පැළ 152ක් සිටුවීමට අවශ්‍ය ය. නමුත් දිනකට සිටුවිය හැක්කේ පැළ 8ක් පමණි. පොල් පැළ 152 සිටුවීමට දින කීයක් ගත වේ ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01