G08U18BC01

8 ශ්‍රේණිය - ප්‍රතිශත (Set B) - බහුවරණ ප්‍රශ්නාවලිය

8 ශ්‍රේණිය - ප්‍රතිශත (Set B - මධ්‍යම මට්ටම)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1 1 kgන් 200g ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
2 පාසලක සිටින ළමයි 50 දෙනෙකුගෙන් 30ක් ගැහැණු ළමුන් නම්, ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය කීයද?
3 රුපියල් 2000ක් ණයට ගත් පුද්ගලයකු අවුරුද්දකට පසු පොලිය වශයෙන් රුපියල් 250ක් ගෙවයි නම්, එම පොලිය ණය මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
4 රතිඤ්ඤා 25 ක තොගයකින් 5ක් පුපුරා නොගියේ නම්, පුපුරා ගිය රතිඤ්ඤා ප්‍රමාණය මුළු රතිඤ්ඤා ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
5 ලකුණු 40 ක් ලබා දෙන ඇගයීමක් සඳහා කරීම් ලබා ගත් ලකුණු ගණන 36 ක් නම්, ඔහු ලබා ගත් ලකුණු ප්‍රමාණය මුළු ලකුණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
6 රුපියල් 120ක්ව තිබූ ඉන්ධන ලීටරයක මිල 10%කින් ඉහළ ගියේ නම්, ඉන්ධන ලීටරයක මිල රුපියල් කීයකින් වැඩි වීද?
7 ලකුණු 300 ක් ලබා දෙන පරීක්ෂණයකින් සමත් වීම සඳහා අවම වශයෙන් එම ලකුණු ගණනින් 60% ක් ලබා ගත යුතු නම්, සමත් වීමේ අවම ලකුණ කුමක්ද?
8 ආයතනයක සේවයේ යෙදෙන සේවකයන්ගෙන් 15% ක් පිරිමි සේවකයෝ වෙති. ආයතනයේ සේවය කරන මුළු සේවකයන් ගණන 800ක් නම්, පිරිමි සේවකයන් ගණන කීයද?
9 පුද්ගලයෙක් ගමනකින් 60%ක් දුම්රියෙන් ද 35%ක් බස් රියෙන් ද ගමන් කරයි. ගමනේ මුළු දුර 140 kmක් නම්, දුම්රියෙන් ගමන් කළ දුර සොයන්න.
10 රණසිංහ මහතාගේ මාසික වැටුප රු. 45 000කි. ඔහු ඉන් 30%ක් ආහාරපාන සඳහා ද 20%ක් ගමන් වියදම් සඳහා ද වෙන් කරයි. ආහාරපාන සඳහා වෙන් කළ මුදල කීය ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01