G09U04BC01

9 ශ්‍රේණිය - ප්‍රතිශත (Set B) - බහුවරණ ප්‍රශ්නාවලිය

9 ශ්‍රේණිය - ප්‍රතිශත (Set B - මධ්‍යම මට්ටම)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1 වෙළෙන්දෙක් රුපියල් 3 බැගින් රඹුටන් ගෙඩි 100ක් මිල දී ගත් අතර ඉන් ගෙඩි 10ක් නරක් වී ඇති නිසා ඉවත් කර ඉතිරි ඒවා ගෙඩියක් රුපියල් 5 බැගින් විකිණුවේ ය. වෙළෙඳාමෙන් ඔහු ලබන්නේ ලාභයක් ද අලාභයක් ද යන්න නිර්ණය කරන්න.
2 වේවැල් පුටුවක නිෂ්පාදන වියදම රුපියල් 650ක් වේ. නිෂ්පාදකයෙක් එවැනි පුටු 20ක් නිෂ්පාදනය කළේය. එම පුටු සියල්ල විකිණීමෙන් රුපියල් 7000ක ලාභයක් ලැබීමට ඔහු අපේක්ෂා කරයි. ඒ සඳහා ඔහු පුටුවක් විකිණිය යුතු මුදල කොපමණද?
3 වෙළෙන්දෙක් මඤ්ඤොක්කා කිලෝග්රෑම් 60ක් කිලෝග්රෑමයක් රු. 50 බැගින් ගොවියකුගෙන් මිල දී ගත්තේ ය. ඔහු මුලින් ම කිලෝග්රෑම් 20ක් රු. 70 බැගින් ද, ඉතිරියෙන් කිලෝග්‍රෑම් 15ක් රු. 60 බැගින් ද, තවත් කිලෝග්‍රෑම් 5ක් රු. 50 බැගින් ද, තවත් කිලෝග්‍රෑම් 10ක් රු. 40 බැගින් ද විකිණූ අතර ඉතිරි කිලෝග්‍රෑම් 10 විකිණීමට නොහැකි ව ඉවත දැමීමට සිදු විය. මෙම වෙළෙඳාමෙන් ඔහුට සිදුවූ ලාභය හෝ අලාභය කොපමණද?
4 වඩු කාර්මිකයකු රුපියල් 4000ක් වියදම් කොට තැනූ මේසයක් රුපියල් 5600ට විකිණූ අතර ලෝහ කාර්මිකයෙක් රුපියල් 250ක් වියදම් කොට තැනූ පිහියක් රුපියල් 360කට විකුණයි. මෙහි දී වඩා වාසිදායක වෙළදාමේ නිරත වූයේ කවුරුන්දැයි නිර්ණය කරන්න.
දෙදෙනාම සමාන ලාභයක් ලැබීය
කිව නොහැක
5 රුපියල් 30,000කට මිල දී ගත් ලී අල්මාරියක් 15%ක ලාභ ප්‍රතිශතයක් (ගත් මිලෙන්) ලැබෙන සේ විකුණයි නම් ලී අල්මාරියේ විකුණුම් මිල සොයන්න.
6 රුපියල් 1500කට මිල දී ගත් පාවහන් කුට්ටමක් 2%ක අලාභයක් සහිතව විකුණයි නම්, පාවහන් කුට්ටමේ විකුණුම් මිල කීය ද?
7 රූපවාහිනී යන්ත‍්‍රයක් රුපියල් 22,000ට විකිණීමෙන් 10%ක ලාභයක් ලබයි නම්, වෙළෙන්දා එම රූපවාහිනිය ගත් මිල සොයන්න.
8 ක්‍රීඩා භාණ්ඩයක් රුපියල් 6800ට විකිණීමෙන් 15%ක අලාභයක් සිදු විය. ඔහු ක්‍රීඩා භාණ්ඩය ගත් මිල සොයන්න.
9 ජංගම දුරකථනයක සලකුණු කළ මිල රුපියල් 12,000ක් වන අතර, 10%ක වට්ටමක් ලැබේ නම්, දුරකථනයේ විකුණුම් මිල කීයද?
10 8%ක වට්ටමක් සහිතව නවකතා පොතක් රුපියල් 460කට විකුණන්නේ නම්, පොතේ සලකුණු කළ මිල කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01