G09U04CC01

9 ශ්‍රේණිය - ප්‍රතිශත (Set C) - බහුවරණ ප්‍රශ්නාවලිය

9 ශ්‍රේණිය - ප්‍රතිශත (Set C - ඉහළ මට්ටම)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1 වෙළෙන්දෙක් ළූණු කිලෝග්රෑම් 50ක්, කිලෝග්රෑමයක් රුපියල් 60 ගණනේ මිලට ගත් අතර එයින් කිලෝග්රෑම් 30ක්, කිලෝග්රෑමයක් රුපියල් 80 ගණනේ විකිණුවේ ය. ඉතිරි ළූණු ප්‍රමාණය නරක් වීමට ආසන්නව තිබූ නිසා අඩු මුදලකට විකුණූ අතර අවසානයේ දී මෙම ළූණු වෙළෙදාමෙන් ලාභයක් හෝ අලාභයක් වෙළෙන්දාට සිදු නොවී ය. වෙළෙන්දා ඉතිරි වූ ළූණු තොගය විකිණුවේ කිලෝග්රෑමයක් කීය බැගින් දැයි සොයන්න.
2 ඇඳුම් සාදන්නෙකු ඇඳුම් වර්ග කිහිපයක් සෑදීමට වැය කරන මුදල සහ ඒවායේ විකුණුම් මිල පහත වගුවේ දැක්වේ. වඩා ලාභදායී වන්නේ කුමන ඇඳුම් වර්ගය නිෂ්පාදනය කිරීමදැයි තීරණය කරන්න.

ඇඳුම් වර්ගයනිෂ්පාදන වියදම (රු.)විකුණුම් මිල (රු.)
ළමා කමිස300350
ළමා කලිසම්400450
ගවුම්500575
වැහි කබා10001150
3 උත්සව සමයේ එකම වර්ගයේ පාවහන් විකුණන වෙළඳසැල් දෙකක දැන්වීම් දෙකක් පහත දැක්වේ:

A වෙළඳසැල: සෑම මිල දී ගැනීමකටම 8%ක වට්ටමක්
B වෙළඳසැල: රු. 1000ට වඩා වැඩි ඕනෑම මිල දී ගැනීමකට රු. 100ක මිල අඩු කිරීමක්

රුපියල් 1500ක් ලෙස සලකුණු කර ඇති පාවහන් යුගලයක් මිල දී ගැනීමට වඩාත් වාසිදායක වන්නේ කුමන වෙළඳසැලද?
4 පාපැදි අලෙවිකරුවෙක්, රුපියල් 8000කට මිල දී ගත් පාපැදියක්, ගත් මිලෙන් 25%ක ලාභයක් ලැබෙන පරිදි මිල සලකුණු කර ඇත. පාපැදිය විකිණීමට සලකුණු කර ඇති මිල කීයද?
5 වාහනයක් විකිණීමේදී තැරැව්කරුවකුට රුපියල් 30,000ක මුදලක් ගෙවීමෙන් පසු වාහන හිමිකරුට රුපියල් 570,000ක මුදලක් ලැබිණි නම්, වාහනයේ විකුණුම් මිල කීයද?
6 තැරැව්කරුවකු විසින් රුපියල් 300,000ක් වටිනා විදුලි ජනක යන්ත්‍රයක් විකිණීම සඳහා කොමිස් මුදලක් ලෙස රුපියල් 25,000ක මුදලක් අය කරනු ලැබුවේ නම්, අය කර ඇති කොමිස් ප්‍රතිශතය ගණනය කරන්න.
7 පුද්ගලයකු නිවසක් මිල දී ගැනීමේදී 3%ක කොමිස් මුදලක් ගෙවයි. ඔහු කොමිස් ලෙස රුපියල් 54,000ක් ගෙවූයේ නම්, නිවස මිල දී ගත් මිල සොයන්න.
8 වෙළෙන්දෙකු කිසියම් භාණ්ඩයක් 10%ක ලාභයක් ලැබෙන සේ මිල සලකුණු කරයි. සලකුණු කළ මිලෙන් 10%ක වට්ටමක් ද දීමට ඔහු අදහස් කරයි. මෙම වෙළෙඳාමෙන් ඔහුට ලාභයක් ද අලාභයක් ද සිදුවේද, නැතහොත් ලාභයක් හෝ අලාභයක් සිදු නොවේද?
9 ගෘහ භාණ්ඩ නිෂ්පාදකයෙක් පුටුවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 1800ක් වැය කරයි. නිෂ්පාදකයා 20%ක ලාභ ප්‍රතිශතයක් සහිතව පුටුව තවත් ගෘහ භාණ්ඩ වෙළෙන්දෙකුට විකුණන අතර, වෙළෙන්දා 20%ක ලාභ ප්‍රතිශතයක් සහිතව එය පාරිභෝගිකයෙකුට විකුණයි. වඩා වැඩි ලාභයක් ලබන්නේ කවුද?
10 වාහන වෙළඳාමක නිරත අමල් රුපියල් 5,000,000කට වාහනයක් මිල දී ගනියි. මිල දී ගැනීමෙන් පසු වාහනය රුපියල් 6,000,000කට විකිණීමට ඔහු අදහස් කරයි. නමුත් ඔහු ගැනුම්කරුට 3%ක වට්ටමක් ලබා දෙන අතර, විකිණීමේදී තැරැව්කරුවකුට 2%ක කොමිස් මුදලක් ගෙවයි. අමල් ලැබූ අවසාන ලාභය කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01