G10U14BC01 n

10 ශ්‍රේණිය - ප්‍රතිශත (Set C) - බහුවරණ ප්‍රශ්නාවලිය

10 ශ්‍රේණිය - ප්‍රතිශත (Set C - ඉහළ මට්ටම)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1වාර්ෂික වටිනාකම රු 30,000 ක් ලෙස තක්සේරු කර ඇති නිවසක අයිතිකරු වූ සිල්වා මහතා එම නිවස රු 3,000ක මාසික කුලී මුදලක් යටතේ වසරක කාලයක් සඳහා, පෙරේරා මහතාට කුලියට දී ඇත. නිවස පිහිටා ඇති ප්‍රාදේශීය සභාව වාර්ෂික තක්සේරුවෙන් 4%ක වටිනාකමක් වරිපනම් බදු ලෙස අය කරන අතර, නිවසේ නඩත්තු කටයුතු සඳහා, කුලී මුදලින් 15%ක් වැය කිරීමට සිල්වා මහතාට සිදු වේ. වසර අවසානයේ සිල්වා මහතාට ඉතිරි වන මුදල කොපමණ ද?
2එක්තරා යතුරු පැදි වර්ගයක් ආනයනය කිරීමේ දී එහි වටිනාකමින් 15% ක් බදු වශයෙන් ගෙවිය යුතු ය. යතුරු පැදියේ ආනයනික වටිනාකම රු 175,000ක් වේ. වියදමෙන් 10% ක ලාභයක් ලැබෙන සේ යතුරු පැදිය විකිණිය යුතු මිල කොපමණ ද?
3මෝටර් රථයක් ආනයනය කළ පුද්ගලයෙකුට ගෙවීමට සිදු වූ වියදම් මෙසේය:
ආනයනික මිල: රු 600,000
අය කළ තීරු බදු මුදල: රු 400,000
ගොඩබෑමේ හා ප්‍රවාහන කුලිය: රු 50,000
මේ සියලු වියදම් සඳහා 15% ක එකතු කළ අගය මත බද්දක් (VAT) අය කෙරේ නම් මෝටර් රථය සඳහා ඔහු වැය කළ මුළු මුදල කොපමණ ද?
4වාර්ෂිකව 18%ක සුළු පොලී අනුපාතිකයක් යටතේ රු 6000ක් ණයට ගන්නා පුද්ගලයෙකු රු 9240ක් ගෙවා ණයෙන් නිදහස් වන්නේ කොපමණ කාලයකට පසුවද?
510%ක වාර්ෂික සුළු පොලී අනුපාතිකයක් යටතේ රු 2500ක ණය මුදලක් ලබා ගත් පුද්ගලයෙකුට මුළු මුදල ලෙස රු 5000ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුවද?
65%ක මාසික සුළු පොලී අනුපාතිකයක් යටතේ රු 5000ක ණය මුදලක් ලබා ගත් පුද්ගලයෙකු මාස 6කට පසු ණයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුළු මුදල කොපමණ ද?
7මාසික 3%ක සුළු පොලී අනුපාතිකයක් යටතේ රු 2000ක ණය මුදලක් සඳහා රු 420ක පොලියක් ලැබෙනුයේ කොපමණ කාලයකට පසුවද?
81.5%ක මාසික සුළු පොලී අනුපාතිකයක් යටතේ ණයට ගත් මුදලක් සඳහා මාස 8කට පසු ගෙවීමට සිදු වූ මුළු මුදල රු 2800ක් නම්, ණයට ගත් මුදල ගණනය කරන්න.
9වසර 2ක් අවසානයේ රු 5000ක් ගෙවා ණයෙන් නිදහස් වීමේ පොරොන්දුව පිට යමෙක් සුළු පොලියට යම් ණය මුදලක් ලබා ගනී. නමුත් මෙම ගනුදෙනුව වසර 5ක් දක්වා දීර්ඝ වූ බැවින්, ණයෙන් නිදහස් වීම සඳහා රු 6500ක් ගෙවීමට සිදු විය. ණයට ගත් මුදල කීයද?
10පෙර ප්‍රශ්නයේ දත්ත අනුව (ණයට ගත් මුදල රු. 4000), ණය මුදලට අය කළ වාර්ෂික පොලී අනුපාතිකය කොපමණ ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01