G11U09AC01

11 ශ්‍රේණිය - ප්‍රතිශත

11 ශ්‍රේණිය - ප්‍රතිශත (Set A)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
20:00
1රුපියල් 30,000ක් වටිනා ලී අල්මාරියක් පොලී රහිත මාසික වාරික 12කින් ගෙවීමේ කොන්දේසිය මත අලෙවි කරනු ලැබේ. මාසිකව ගෙවිය යුතු ණය වාරිකය කොපමණ ද?
2වික්‍රමසිංහ මහතා 24%ක වාර්ෂික පොලියක් අය කෙරෙන බැංකුවකින් ව්‍යාපාරික ණය ලෙස රුපියල් 30,000ක මුදලක් ගෙන ඇත. පොලිය අය කරනු ලබන්නේ හීන වන ශේෂ ක්‍රමයට නම්, පළමු මාසයට ගෙවිය යුතු පොලිය කොපමණ ද?
3ඉහත 2 වන ප්‍රශ්නයේ ඇති තොරතුරු අනුව, දෙවන මාසයට ගෙවිය යුතු පොලිය කොපමණ ද? (සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කළ යුතු නම්)
4මාසික වාරික 10කින් ණය මුදලක් ගෙවා නිම කරන්නේ නම්, මාස ඒකක ගණන කීයද?
510%ක වාර්ෂික වැල් පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 10,000ක් ණයට ගත් පුද්ගලයකුට අවුරුදු 1ක් අවසානයේ දී ණයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුළු මුදල සොයන්න.
6අවුරුද්දට 5% බැගින් වූ වැල් පොලියට රුපියල් 5,000ක ණය මුදලක් ලබාගත් පුද්ගලයකු වසර 2 කට පසු ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කීයද?
7සඳමිණි 12%ක වාර්ෂික පොලියක් අය කරන බැංකුවකින් රුපියල් 50,000ක ණය මුදලක් ගත්තාය. එම ණය මුදල සමාන මාසික වාරික 10කින් ගෙවා නිම කළ යුතුය. මසක දී ගෙවන ණය මුදලේ කොටස සොයන්න.
8අවුරුද්දට 7% බැගින් වූ වැල් පොලියට රුපියල් 6,000ක් බැංකුවක තැන්පත් කළ පුද්ගලයකුට අවුරුදු 2 කට පසු හිමි වන මුළු මුදල සොයන්න.
9පොලිය ගණනය කිරීමේදී මුල් මුදලට පමණක් නොව, වාර්ෂිකව එකතු වී ඇති පොලියට ද පොලියක් ලබා දෙන ක්‍රමය හැඳින්වෙන්නේ කුමක් ලෙසද?
10රුපියල් 12,000ක ණය මුදලක් සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කිරීමට ලබා ගෙන ඇත. ගෙවූ මුළු පොලිය රුපියල් 1050ක් නම්, මාස ඒකකයකට පොලිය සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01