G11U09BC01

11 ශ්‍රේණිය - ප්‍රතිශත

11 ශ්‍රේණිය - ප්‍රතිශත

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
25:00
1සඳමිණි 12%ක වාර්ෂික පොලියක් අය කරන බැංකුවකින් රුපියල් 50,000ක ණය මුදලක් ගත්තාය. එම ණය මුදල සමාන මාසික වාරික 10කින් ගෙවා නිම කළ යුතුය. ණය කොටසක් සඳහා මසකට ගෙවිය යුතු පොලිය (මාස ඒකකයකට පොලිය) කොපමණ ද?
2ඉහත 1 වන ප්‍රශ්නයේ ඇති තොරතුරු අනුව, හීන වන ශේෂ ක්‍රමය යටතේ ණය මුදල සඳහා ගෙවිය යුතු මුළු පොලිය සොයන්න.
3ඉහත 1 වන ප්‍රශ්නයේ ඇති තොරතුරු අනුව, මාසික වාරිකයක අගය සොයන්න.
4රාධා 12% බැගින් වූ වාර්ෂික වැල් පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 8,000ක් බැංකුවක තැන්පත් කරයි. වසරකට පසු බැංකු පොලී අනුපාතිකය 10% දක්වා පහළ වැටිණි නම්, වසර 2කට පසු රාධාට ලැබෙන මුළු පොලී මුදල ගණනය කරන්න.
5හෂාන් රුපියල් 25,000ක මුදලක් 15% ක වාර්ෂික සුළු පොලියට ද, කාසිම් රුපියල් 25,000ක මුදලක් 12%ක වාර්ෂික වැල් පොලියට ද එකම දිනක දී වසර 3 කට ණයට දී ඇත් නම් වැඩි මුදලක් ලැබෙන්නේ කාට දැයි ගණනය කරන්න.
612%ක වාර්ෂික වැල් පොලී අනුපාතිකයක් ගෙවන බැංකුවක් සෑම මාස 6කට වරක් ම බැංකුවේ තැන්පත් මුදල් සඳහා පොලිය ගණනය කර එම පොලිය මුල් මුදලට එකතු කරනු ලැබේ. වසරක් ආරම්භයේ රුපියල් 40,000ක මුදලක් එම බැංකුවේ තැන්පත් කළ පුද්ගලයකුට වසරක් අවසානයේ හිමි වන මුළු මුදල කොපමණ ද?
78%ක වාර්ෂික වැල් පොලියට යම්කිසි මුදලක් ණයට දී ඇති පුද්ගලයකුට දෙවන වසර සඳහා පමණක් ලැබුණු පොලී මුදල රුපියල් 432 ක් නම්, ණයට දී ඇති මුදල ගණනය කරන්න.
8අත්පිට මුදලට රුපියල් 25,000ක් වූ රූපවාහිනී යන්ත්‍රයක් මුලින් රුපියල් 7,000ක් ගෙවා ඉතිරිය වසරක් තුළ සමාන මාසික වාරික මගින් ගෙවීමට ලබාගත හැකි ය. ණය සඳහා හීන වන ශේෂ ක්‍රමය යටතේ 18%ක වාර්ෂික පොලියක් අය කරනු ලබයි නම්, මාසික වාරිකයක් ගණනය කරන්න.
9රෙදි සෝදන යන්ත්‍රයක් මුලින් රුපියල් 5,000ක් ගෙවා ඉතිරිය රුපියල් 2,720 බැගින් වූ සමාන මාසික වාරික 10කින් ගෙවීමට ලබාගත හැකි ය. රෙදි සෝදන යන්ත්‍රයේ අත්පිට මිල රුපියල් 30,000කි. ණය සඳහා පොලිය ගණනය කර ඇත්තේ හීන වන ශේෂ ක්‍රමයට නම්, අය කෙරෙන වාර්ෂික පොලී අනුපාතිකය ගණනය කරන්න.
10මිනිසෙක් 4.2% ක වාර්ෂික වැල් පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 100,000ක මුදලක් ණයට ගෙන එම මුදල 8% ක වාර්ෂික වැල් පොලී අනුපාතිකයක් ගෙවන බැංකුවක තැන්පත් කරයි. වසර 2කට පසු තැන්පත් මුදල ලබා ගෙන, ණය මුදල ගෙවා දමයි නම්, එම ආයෝජනයේ දී ඔහු ලැබූ ලාභය ගණනය කරන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U10B01