G11U10B01

කොටස් වෙළෙඳපොළ - බහුවරණ ප්‍රශ්නාවලිය

11 ශ්‍රේණිය - කොටස් වෙළෙඳපොළ

බුද්ධිය අවදි කරන නව යුගයට -හසිත ජයරත්න

6-11 ගණිතය

ඉතිරි කාලය:
10:00
1 ප්‍රශ්නය: විශ්වා C නමැති සමාගමේ රුපියල් 100 බැගින් වූ කොටස් 5,000ක් මිල දී ගනියි. විශ්වා සමාගමේ ආයෝජනය කළ මුදල කොපමණද?
2 ප්‍රශ්නය: විශ්වා සතු කොටස් 5,000 සඳහා C සමාගම එක් කොටසකට රුපියල් 4ක වාර්ෂික ලාභාංශයක් ගෙවයි. විශ්වා කොටස් ආයෝජනයෙන් ලබන වාර්ෂික ලාභාංශ ආදායම කොපමණද?
3 ප්‍රශ්නය: විශ්වා C සමාගමේ රුපියල් 500,000ක් ආයෝජනය කළ අතර, ඔහුගේ වාර්ෂික ලාභාංශ ආදායම රුපියල් 20,000කි. විශ්වාට ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම, ඔහු යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස කීයද?
4 ප්‍රශ්නය: සීමාසහිත පොදු සමාගමක් සිය ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා කොටසක් රුපියල් 25ක් වූ කොටස් 10,000,000ක් මහජනතාව වෙත නිකුත් කරයි. මෙම සමාගමේ ප්‍රාග්ධනය කොපමණද?
5 ප්‍රශ්නය: වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 3 බැගින් ගෙවන සමාගමක යම් කොටස් ගණනක්, කොටසක් රුපියල් 20 බැගින් මහේල මිල දී ගත්තේය. ඔහු එම ආයෝජනයෙන් වර්ෂය අවසානයේ දී රුපියල් 12,000ක ලාභාංශ ආදායමක් ලැබීය. සමාගමේ මහේල සතු කොටස් ගණන කීයද?
6 ප්‍රශ්නය: පෙරේරා මහතා එක්තරා සමාගමක කොටස් 2,000ක්, කොටසක වෙළෙඳපොළ මිල රුපියල් 20ක් ව පැවති අවස්ථාවේ දී මිල දී ගත්තේය. එම සමාගමේ කොටසක වෙළෙඳපොළ මිල රුපියල් 25ක් තෙක් ඉහළ නැගි අවස්ථාවක ඔහු තමා සතු එම සමාගමේ කොටස් සියල්ල විකුණා දැමී ය. ඔහු ලැබූ ප්‍රාග්ධන ලාභය කොපමණද?
7 ප්‍රශ්නය: ඉහත (ප්‍රශ්න 6) සඳහන් පෙරේරා මහතා ලැබූ ප්‍රාග්ධන ලාභය ආයෝජනයේ ප්‍රතිශතයක් ලෙස කීයද?
8 ප්‍රශ්නය: කොටසක වෙළෙඳපොළ මිල රුපියල් 20ක් ව පැවති අවස්ථාවේ දී මිල දී ගත් කොටස් සියල්ල විකිණීමෙන් යම් ආයෝජකයකුට යෙදූ මුදලින් 80%ක ප්‍රාග්ධන ලාභයක් ලැබිණි. ඔහු එම කොටස විකුණා ඇත්තේ කොපමණ මිලකටද?
9 ප්‍රශ්නය: වාර්ෂික ලාභාංශය ලෙස කොටසකට රුපියල් 6ක් ගෙවන සමාගමක කොටසක වෙළෙඳපොළ මිල රුපියල් 40ක් වූ කොටස් 1,000ක් හිමි ආයෝජකයෙකු එම කොටස් වර්ෂයක ලාභාංශ ආදායම් ලැබීමෙන් පසු ඒවායේ වෙළෙඳපොළ මිල ඉහළ ගිය අවස්ථාවක විකුණා දැමී ය. කොටස් විකිණීමෙන් හා ලාභාංශයෙන් ඔහු ලැබූ මුළු ආදායම රුපියල් 71,000ක් වූයේ නම්, ඔහු කොටසක් විකුණා ඇත්තේ කොපමණ මිලකටද?
10 ප්‍රශ්නය: වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 2 බැගින් ගෙවන සමාගමක කොටස් 2,000ක් හිමි ආයෝජකයෙකුට, එම කොටස් ආයෝජනයෙන් ලැබුණු වාර්ෂික ලාභාංශ ආදායම කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01